Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
The Social Self අන්…
The Social Self
අන් අය හරහා අප අපව තේරුම් ගන්නා ආකාරය
ස්වභාවය
අප කවුරුන්ද යන්න පිළිබඳ අපගේ දැනුමය
අප පිළිබඳ අපගේ සිතුවිලි සහ විශ්වාසයන්ගෙන් සමන්විත සමස්තය වේ
වයස අවුරුදු 2 පමණ වන විට ස්වයං හඳුනාගැනීම වර්ධනය වේ.
සමහර අධ්‍යනයන් වලින් පෙන්වා දෙන පරිදි චිම්පන්සි , ඔරංගොටන් සහ ඩොල්ෆින් සත්වයන්ට ස්වයං සංකල්පයක් ඇත. කණ්ණාඩියෙන් පෙනෙන්නේ තමන්ගේම රූපය බව ඔවුන්ට වැටහේ.
අප වයසින් වැඩෙන විට මෙම ප්‍රාථමික ස්වයං සංකල්පය වඩාත් සංකීර්ණ වේ
සාමාන්‍යයෙන්, දරුවෙකුගේ ස්වයං සංකල්පය පැහැදිලි වන අතර වයස, ලිංගභේදය, අසල්වැසියන් සහ විනෝදාංශ වැනි පැහැදිලි, පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ මත රඳා පවතී
අප පරිණත වන විට, අපගේ කායික සහ භෞතික ලක්ෂණ කෙරෙහි අඩු අවධානයක් ලබා දෙන අතර මනෝවිද්‍යාත්මක තත්ත්වයන් (සිතිවිලි සහ හැඟීම්) සහ අනෙක් පුද්ගලයින් අප විනිශ්චය කරන ආකාරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සිදුවේ.
සංරචක
ස්වයං ප්‍රතිරූපය
තමා ගැන තමන් ලග තිබෙන රූපය
සමාජයේ තමා දරන භූමිකාව
තමා පිලිබද පරමාදර්ශී ස්වභාවය
බොහෝ අවස්ථාවලදී තමා තමාව දකින ආකාරය සහ තමා තමාව දැකීමට කැමති ආකාරය සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් වේ
තමා කෙසේ විය හැකිදැයි ඔබ බලාපොරොත්තු වෙන ආකාරය
ආත්ම සම්මානනය
ජීවත් වෙන පරිසරය සමඟ වෙනස් විය හැකිය
අඩු ආත්ම සම්මානනය ( දුර්වලතා/අඩු පාඩු )
තමා පිලිබදව ඇති වටිනාකම
වැඩි ආත්ම සම්මානනය (ශක්තීන් / දක්ෂතාවයන් )
න්‍යායන්
Tabula Rasa න්‍යාය
(ජෝන් ලොක්)
පෞරුෂයක් නැත
අලුත උපන් බිළිඳුන්ට පුහුණුව සමග ඕනෑම දෙයකට හැඩ ගැසිය හැකිය
අපි උපදින විට අපේ මනස හිස් පුවරුවකි. එය පිරෙන්නේ අප ලබන අත්දැකීම් තුලිනි.
Looking Glass Self - න්‍යාය
( චාල්ස් එච්. කූලි - 1902)
අප අප සහ සමාජ ලෝකය අන් අයගේ ඇසින් දකින අතර බොහෝ විට එම අදහස් අනුගමනය කරයි
අප අන් අයට පෙනෙනු ඇතැයි අප සිතන ආකාරය මත පදනම්ව අප විසින්ම ප්‍රතිරූපයක් වර්ධනය කරගන්නා අන්තර් ක්‍රියාකාරී ක්‍රියාවලිය
අදියරයන්
සූදානම් වීමේ අදියර
ළමයින් ඔවුන් වටා සිටින පුද්ගලයින් අනුකරණය කරයි
උදා:- සංකේත, අභිනයන්, වස්තූන්, මානව සන්නිවේදනයේ සමහර වචන
වේදිකා අදියර
ළමයින් සංකේත සහ භූමිකාවන් තුළින් සන්නිවේදනයේ කුසලතා වර්ධනය කරයි
අනෙකාගේ ප්‍රතික්‍රියා මත පදනම්ව ඔවුන් අපව දකින්නේ අප දකින ආකාරයට ද යන්න තීරණය කිරීමට අපි උත්සාහ කරයි
ක්‍රීඩා අදියර
වයස අවුරුදු 8 - 9 අතර දරුවන් සැබෑ කාර්යයන් සහ සබඳතා කිහිපයක් එකවර සලකා බලයි
අන් අය අපව විනිශ්චය කරන ආකාරය පිළිබඳ අපගේ සංජානනය අප ගැන හැඟීම් වර්ධනය කර ගැනීමට අපි භාවිතා කරයි
කැඩපතකින් අපි අපි දෙසම බැලීම වගේ
අපේ චර්යාවන් නිර්මාණය වීමට අනිත් කෙනා අප ගැන සිතන ආකරය ගැන අප සිතන් ඉන්න දේවල් බලපානවා
භූමිකා බාර ගැනීමේ න්‍යාය
( ජෝර්ජ් හර්බට් මීඩ් - 1863 - 1931)
අන් අය අපව දකින ආකාරයට අපි අපව දකිනවා පමණක් නොව, ඇත්ත වශයෙන්ම අන් අයගේ භූමිකාවන් භාර ගැනීම කරයි
යම්කිසි පුද්ගලයෙකුගේ භූමිකාව අපගේ Social Self වර්ධනය සඳහා මූලිකවම බලපානු ලබයි (Significant Others)
උදා:- මව, පියා, සහෝදරයා, සහෝදරිය
නමුත් පසු කාලීනව (Generalized Other ලෙස බලපානු ලබයි
අදියරයන්
අවු: 3 සිට 5 දක්වා ( වේදිකා අවධිය)
මෙය භූමිකා අදියරේ පළමුවැනි අවධියයි
භූමිකා අනුකරණය කිරීමට උත්සාහ ගනී උදා:- මව, පියා භූමිකා
විවිධ සංවේදවලට හුරු වෙයි
අවු:5 න් පසු
( ක්‍රීඩා අවධිය)
නිශ්චිත නීති සහිත ක්‍රීඩාවන් ක්‍රීඩා කරයි
අන් අයගේ ක්‍රියාවන් අපේක්ෂා කරයි
නියමිත සමාජ ආකෘතිය, සහ සංස්කෘතිය පිළිබඳ අදහස් තේරුම් ගැනීමට උත්සාහ කරයි
කණ්ඩායම් ගත වී ක්‍රියා කිරිම සිදුකරයි
මාස 1 සිට අවු: 3 දක්වා (සූදානම් වීමේ අවධිය)
ළමුන් අනිත් අය සිදුකරන දේවල් අනුකරණය කිරීමට උත්සාහ ගනි
තමා ගැන දැනීමක් නැත නමුත් අනුකරණය සිදුකරයි
I සහ ME න්‍යාය
I
පෞරුෂයේ පවතින සමාජයීය නොවන ස්වයංසිද්ධ, ස්වයං උනන්දුවක් ඇතිකරන සංරචකය
ළමුන් තුළ ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරයි
ME
වැඩිහිටියන් තුළ ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කරයි
සමාජයීය අපේක්ෂාවන් සහ ආකල්ප පිළිබඳව දැනුවත්ව සිටින අපගේ ආත්මය
කාර්යයන්
සංවිධානාත්මක කාර්යය
මනෝ රටා
මිනිසුන් තමන් ගැන ඔවුන්ගේ දැනුම සංවිධානය කිරීමට භාවිතා කරන මානසික ව්‍යුහයන් වේ.
මේවා ඔවුන් තමන් ගැන දකින, සිතන සහ මතක තබා ගන්නා දේට බලපෑම් කරයි.
ස්වයං යොමු කිරීමේ බලපෑම
මිනිසුන් තොරතුරු තමන්ට ආදේශ කරගන්නේ නම්, එම තොරතුරු වඩා හොඳින් මතක තබා ගැනීමේ ප්‍රවණතාවක් ඇත.
විධායක කාර්යය
ස්වයං නියාමනය
හැසිරීම තෝරාගැනීම්, රුචි අරුචිකම් සහ අනාගත සැලසුම් නියාමනය කරයි.
සමාජානුයෝජනය
සමාජය ඉදිරියේ සිටින මම
සමාජ සම්මතයන්ට අනුව හැසිරීම
වටිනාකම්
මූලික කුසලතා
සමාජයක චර්යා රටා
මෙය පුද්ගලයෙකුගේ ආත්ම හැගීමට හේතු වේ
විශ්වාසයන්
බලපෑම්
සංස්කෘතික බලපෑම
බටහිර සංස්කෘතීන් තුළ තමාව අන් අයගෙන් ස්වාධීනව දැකීම අගය කරයි.
තම පෞද්ගලිකත්වය දෙසට වැඩි නැඹුරුවක් පෙන්වයි
තමන්ව හඳුනාගැනීම සඳහා තමා තුළ හටගන්නා අභ්‍යන්තර සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් සැලකිල්ලට ගන්නා අතර අන් පුද්ගලයන්ගේ සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාකාරකම් පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි.
ස්වාධීනත්වය සහ සුවිශේෂීත්වය අගය කරයි
බටහිර ජාතීන් තමන්ව අන් පුද්ගලයන් අතරින් වෙනස් කොට සලකයි
බටහිර නොවන සංස්කෘතින් ගත්විට ඔවුන් ස්වයං සංකල්පය අන්තර් රඳා පැවැත්මක් ලෙස පවතී
මෙම සංස්කෘතීන්ට අයත් වන බොහෝ මිනිසුන් තමාව හඳුනා ගැනීම සඳහා තමා අවට සිටින අයගේ හැඟීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම්වල මැදිහත්වීමක් සිදුවේ
ස්ත්‍රී පුරුෂ භාවයේ බලපෑම
ස්ත්‍රීන් එක් රැස්වූ විට අන්තර් පුද්ගල ගැටලු සහ සබඳතා ගැන කතා කරයි
පිරිමින් ඔවුන්ගේ හැඟීම් හැර අන් සියල්ල ගැන කතා කරයි
කාන්තාවන්ට වැඩි අන්තර් සම්බන්ධතා පැවැත්මක් ඇත. එයින් අදහස් වන්නේ ඔවුන් තම සමීප සබඳතා කෙරෙහි එනම් සහකරු/ සහකාරිය හා තම දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන බවයි.
පිරිමින් තුළ සාමූහික අන්තර් රඳා පැවැත්මක් වැඩි වශයෙන් නැත. එනම් උදාහරණ ලෙස, ශ්‍රී ලාංකිකයින් වීම වැනි, විශාල කණ්ඩායම් සමූහ කෙරෙහි නැඹුරුවක් දක්වයි.
ස්ත්‍රීන් සහ පුරුෂයින් අතර මානසික වෙනස්කම් අල්ප වේ.
අන්තරාවලෝකනය
මිනිසුන් අභ්‍යන්තරය දෙස බලා ඔවුන්ගේම සිතුවිලි හැඟීම් සහ චේතනා විමසා බැලීමේ ක්‍රියාවලිය
අභිප්‍රේරණය
බාහිර අභිප්‍රේරණය
විනෝදය සහ රසවත් බව නොසලකා ලැබෙන ප්‍රතිඵල යනාදිය හේතු කොටගෙන යම්කිසි ක්‍රියාකාරකමට නියැළීමට ඇති අශාව
අභ්‍යන්තර අභිප්‍රේරණය
බාහිර ප්‍රතිඵල හෝ පීඩනය යනාදිය නොසලකමින් විනෝදය සහ රසවත් බව හේතුවෙන් යම්කිසි ක්‍රියාකාරකමක නියැළීමට ඇති ආශාව
අධික ලෙස සාධාරණීකරණය කිරීමේ බලපෑම් වළක්වා ගත හැකි කොන්දේසි
ත්‍යාග උනන්දුව අඩාල වන්නේ මුලින් උනන්දුව වැඩිනම් පමණි
ප්රතිලාභ වර්ගය අනුව වෙනසක් ඇති කරයි
කාර්යය කෙතරම් හොඳින් සිදු කරාද යන්න නොසලකා කාර්ය ඉටු කිරීම පමණක් සලකා ලබා දෙන ත්‍යාග
අපි කොපමණ හොඳින් කාර්ය ඉටු කළාද යන්න මත පදනම් වූ ත්‍යාග
ආත්මය වර්ධනය වීම කෙරෙහි බලපාන සමාජ සාධක
බලපෑම්
හැසිරීම
ප්රජානනය