Please enable JavaScript.
Coggle requires JavaScript to display documents.
චතුරාර්ය සත්‍යය - Coggle Diagram
චතුරාර්ය සත්‍යය
- දුක යනු කුමක්ද?
(කෙටියෙන් පංච
උපාදානස්කන්ධයම දුකකි)
-
-
-
-
-
-
-
- දුකට හේතුව කුමක්ද?
(කෙටියෙන් ඒ ඒ තැන සතුටින්
පිළිගන්නා තණ්හාවය)
තණ්හාව
-
-
කාම තණ්හා
ඇස, කන, නාසය, දිව, ස්පර්ශය, සිතුවිලි වලින් ගෝචර වන කාමයන්ට අලී යාම
- දුක නැති කිරීම යනු කුමක්ද?
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඉතිරි නැතිව නිරුද්ධ කිරීමෙන් දුක නැති
- දුක නැති කිරීමේ මාර්ගය කුමක්ද
ආර්ය අෂ්ටාංගික මාර්ගය
- සම්මා දිට්ඨිය
"මහණෙනි, යම් දුක ගැන දැනීමක් වේ ද? දුක ඇති වීමේ හේතුව ගැන දැනීමක් වේ ද, දුක්ඛනිරෝධය ගැන දැනීමක් වේ ද, දුක්ඛනිරෝධය කිරීමේ මාර්ගය ගැන දැනීමක් වේ ද, මහණෙනි, මෙය සම්මා දිට්ඨිය යි කියනු ලැබේ.”
ත්රිපරිවට්ට (පරිවර්ත තුනකි, ආකාර දොළොසකි = 3x4)
- සත්‍ය ඤාණ - චතුරාර්ය සත්‍යය ආර්ය සත්‍යයක් බව අවබෝධ වීම
- කෘත්‍ය ඤාණ - චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීම
- කෘතත් ඥාන - චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ පසු, අවබෝධ කළ බව ඇතිවන ඥානය.
- සම්මා සංකප්ප
"මහණෙනි, යම් නෙක්ඛම්ම සංකල්පයක් වේ ද, අව්‍යාපාද සංකල්පයක් වේ ද, අවිහිංසා සංකල්පයක් වේ ද, මහණෙනි මෙය සම්මාසංකප්පය යි කියනු ලැබේ."
- නෙක්ඛම්ම - ඉදුරන් පිනවීමෙන් වෙන් වීමේ කල්පනාව
- අව්‍යාපාද - සැමටම යහපතක් වේවා යන මෛත්‍රීය කල්පනාව
- අවිහිංසා - කිසිවෙකුට හිංසා නොකිරීමේ කල්පනාව
- සම්මා වාචා
"මහණෙනි, යම් බොරු කීමෙන් වැළකීමක් වේ ද, කේලම් කීමෙන් වැළකීමක් වේ ද, ඵරුෂ වචනයෙන් වැළකීමක් වේ ද, සම්ඵප්‍රලාපයෙන් වැළකීමක් වේද, මහණෙනි, මෙය සම්මාවාචාය’"
-
-
-
-
- සම්මා ආජීව
"මහණෙනි, මේ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මිථ්‍යාආජීවය හැර සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරේද? මහණෙනි, එය සම්මාආජීවය යි කියනු ලැබේ.”
- සත්ව වෙළදාමෙන් වැළකී සිටීම
- ආයුධ වෙළදාමෙන් වැළකී සිටීම
- මාංස වෙළදාමෙන් වැළකී සිටීම
- මත් පැන් වෙළදාමෙන් වැළකී සිටීම
- වස විෂ වෙළදාමෙන් වැළකී සිටීම
- සම්මා වායාම
"මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ*අතීතයෙහි නූපන්නා වූ ලාමක වූ අකුශල ධර්මයන් මතු ඇති නො වන පිණිස ඕනෑ කෙරේ ද, උත්සාහ කෙරේ ද, කායික චෛතසික වීර්‍ය්‍යයන් යොදවා ද, වීර්‍ය්‍යයෙන් සිත ඔසවා ද මහත් කොට වීර්‍ය්‍ය කෙරේ ද,*උපන්නා වූ ලාමක වූ අකුශල ධර්මයන් ප්රහාණය පිණිස ඕනෑ කෙරේ ද, උත්සාහ කෙරේ ද කායික චෛතසික වීර්‍ය්‍යයන් යොදවා ද, සිත ඔසවා ද, මහත් කොට වීර්‍ය්‍ය කෙරේ ද,*උපන් කුශලධර්මයන් ගේ පැවැත්ම පිණිස - නො නැස්ම පිණිස නැවත නැවත ඇති වනු පිණිස මහත් වනු පිණිස වැඩීම පිණිස සම්පූර්ණ වීම පිණිස ඕනෑ කම් කෙරේ ද, උත්සාහ කෙරේ ද, කායික චෛතසික වීර්‍ය්‍යයන් යොදවා ද, වීර්‍ය්‍යයෙන් සිත ඔසවා ද, මහත් කොට වීර්‍ය්‍ය කෙරේ ද, මහණෙනි, මෙය සම්මාවායාම ය යි කියනු ලැබේ ය”
- නූපන් අකුසල් නොයිපදීමට උත්සහ දැරීම
- උපන් අකුසල් නැති කිරීමට උත්සහ දැරීම
- නුපන් කුසල් උපදවා ගැනීමට උත්සහ දැරීම
- උපන් කුසල් රැක ගැනීම හා දියුණු කර ගැනීමට උත්සහ දැරිම
- සම්මා සති (සතර සතිපට්ඨානය වැඩීම)
"මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ,*කායකොට්ඨාසයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, දෙතිස් කොටසක් ඇති මේ කයෙහි කේශාදි කායකොට්ඨාසයන් නැවත නැවත සිතින් බලමින් කය කෙරෙහි ඇලීම් ගැටීම් දෙක දුරු කොට වාසය කෙරේ ද, *ත්‍රිවිධ වේදනාවන් මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, වේදනාවන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, ත්‍රිවිධ වේදනාවන්හි ඒ ඒ වේදනාව නැවත නැවත සිතින් බලන්නේ වේදනා සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම්-ගැටීම් දෙක දුරු කොට වෙසේ ද, *සරාගාදි චිත්තයන් මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, චිත්ත කොට්ඨාසයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, චිත්තයන්හි ඒ ඒ චිත්තය නැවත නැවත සිතින් බලමින් චිත්ත සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම්-ගැටීම් දෙක දුරු කොට වෙසේ ද *නීවරණාදි ධර්ම මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, නීවරණාදි ධර්මයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, නීවරණාදි ධර්මයන්හි ඒ ඒ ධර්මය නැවත නැවත සිතින් බලමින් ධර්ම සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම් - ගැටීම් දෙක දුරු කොට වෙසේ ද, මහණෙනි, මෙය සම්මාසතිය ය යි කියනු ලැබේ."
-
-
-
-
- සම්මා සමාධි
"මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කාමයන් කෙරෙන් වෙන් ම අකුශලයන් කෙරෙන් වෙන් ව විතර්ක සහිත වූ, විචාර සහිත වූ කාය චිත්ත විවේකයන් නිසා හටගත් ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ප්‍රථමධ්‍යානය:red_flag: උපදවා වාසය කෙරේ ද, මහණ තෙමේ විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් ස්වසන්තානයෙහි හටගත් සම්ප්රසාදයෙන් යුක්ත වූ චිත්තයා ගේ එකඟ බව වූ විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානය :red_flag: :red_flag: උපදවා වාසය කෙරේ ද? මහණ තෙමේ ප්‍රීතිය කෙරෙහි ඇල්ම ද හැර උපේක්ෂක ව වෙසේ ද, සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ කයින් සුඛය විඳින්නේ ද වෙයි. යම් තෘතිය ධ්‍යානයක් නිසා ආර්‍ය්‍යයෝ ද ඒ ධ්‍යානයෙන් යුක්ත පුද්ගලයා සුවසේ වෙසෙන්නෙකැ යි කියා ද, ඒ තෘතීය ධ්‍යානය:red_flag: :red_flag: :red_flag: උපදවා වාසය කෙරේ ද, මහණ තෙමේ සුඛය ද ප්රහාණය කිරීමේ දුඃඛය ද ප්රහාණය කිරීමෙන් පළමුවෙන් ම සෝමනස්ස දෝමනස්ස දෙක ද නිරුද්ධ වීමෙන් උපේක්ෂාව නිසා පිරිසිදු වූ සිහිය ඇති චතුර්ථ ධ්‍යානය :red_flag: :red_flag: :red_flag: :red_flag: උපදවා වෙසේ ද, මහණෙනි, මෙය සම්මාසමාධි නමි"
-
-
- සම්මා කම්මන්ත
"මහණෙනි, යම් ප්‍රාණඝාතයෙන් වැළකීමක් වේ ද, අදත්තා දානයෙන් වැළකීමක් වේ ද, කාමමිථ්‍යාචාරයෙන් වැළකීමක් වේ ද, මහණෙනි, මෙය සම්මාකම්මන්තය යි කියනු ලැබේ."
-
-
-